අතරමැදි කඳවුරේ අත්අඩංගුවෙන් පැනගත්ත පරිඝණක අපරාධකරුවන් 30ක් යලි අල්ලයි

වැලිසර අතරමැදි කඳවුර සිට පලාගොස් අන්තර්ජාලය හරහා නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල නිරත වූ විදෙස් ජාතිකයන් 30 දෙනෙකු අද (7) පොලීසිය විසින් නැවත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේ කුලියට ගත් දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිට මේ ජාවාරම කරගෙන ගොස් ඇති බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතික තරුණියන් 2ක් ඇතුළු 21 දෙනෙක් සහ වියට්නාම් ජාතික තරුණියක් ඇතුළු 9 දෙනෙක් සිටිනවා. ඔවුන් සතුව පරිගණක 10ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන 29ක් සහ අන්තර්ජාල උපකරණ රැසක් තිබිලා පොලිස් භාරයට ගෙන තියෙනවා.

පොලීසිය කියන්නේ, මීට පෙර අප්‍රේල් 2දා විදේශිකයන් 152ක් මෙවැනිම ජාවාරමකට අත්අඩංගුවට ගත් අතර, මේ 30 දෙනා ඒ පිරිස අතර සිට පසුව අධිකරණ නියෝග මත වැලිසර කඳවුරේ රඳවා සිටි අතර, එතැනින් පලාගොස් තිබුණා කියලා.

අදාල ස්ථානය රුපියල් ලක්ෂ 15ක මාසික කුලියකට ලබාගෙන මෙම ජාවාරම ක්‍රියාත්මක කරලා තියෙනවා කියලාත් මූලික විමර්ශනවලින් හෙළිවෙලා තියෙනවා.

අවසානයේ, භාෂා පරිවර්තකයෙකුගේ සහායයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් මීට දින කිහිපයකට පෙර එම ස්ථානයට පැමිණි බවත් හෙළිවෙලා තියෙනවා. තවද, කිසිවෙකුටත් වලංගු වීසා හෝ ගමන් බලපත්‍ර තිබුණේ නැහැ කියලා පොලීසිය කියනවා.

Share This