පුවත් කලාවේ විප්ලවීය වෙනසක් කළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
ලොවම දන්න CNN පුවත් ජාලය ආරම්භ කරලා රූපවාහිනී පුවත් කලාවට අලුත්ම පෙරළියක් ගෙනා ටෙඩ් ටර්නර් මහතා අභාවප්‍රාප්ත වෙලා තියෙනවා.
මිය යන විට ඔහු 87 වැනි වියේ පසුවුණා. අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ උපත ලැබූ ටර්නර් පසුව ඇට්ලන්ටා නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවට පත්වුණා. තමන් හිතන දේ කෙළින්ම කියන ස්වභාවය නිසා ඔහුට “The Mouth of the South” කියන නාමයත් ලැබිලා තිබුණා.
1980 දී ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වූ පුවත් නාලිකාව ලෙස CNN ආරම්භ කරමින් මාධ්‍ය ක්ෂේත්රයට විශාල වෙනසක් ගෙනාපු ඔහු, පසුව කේබල් රූපවාහිනී ලෝකයේ දැවැන්ත බලවේගයක් බවට පත්වුණා. චිත්‍රපට, කාටූන් සහ විනෝදාස්වාද නාලිකා රැසක් එක්කර ගත් විශාල මාධ්‍ය ජාලයක් ගොඩනඟන්නත් ඔහු සමත් වුණා.
ඒ විතරක් නෙවෙයි, “Atlanta Braves” වගේ ප්‍රසිද්ධ ක්‍රීඩා කණ්ඩායම්වල හිමිකාරිත්වයත් ඔහු දරලා තිබුණා.
ටෙඩ් ටර්නර් දක්ෂ යාත්‍රා පදවන්නෙක් විදිහටත් ලොව ප්‍රසිද්ධයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ පදනම ආරම්භ කරමින් මානව හිතවාදී සේවාවන් සඳහාත් විශාල දායකත්වයක් ලබාදුන්නා. න්‍යෂ්ටික අවි තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියා කළ ජාත්‍යන්තර ක්‍රියාකාරිකයෙක් විදිහටත් ඔහු ගෞරවයට පාත්‍ර වූ චරිතයක්.
