වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා අද දිවයිනට

ශ්‍රී ලංකාවයි වියට්නාමයයි අතර තියෙන සහයෝගිතාව තවත් ශක්තිමත් කරගන්න රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා අද ශ්‍රී ලංකාවට එන්න නියමිතයි කියලා විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025දී වියට්නාමයට ගිය රාජ්‍ය සංචාරයෙන් පස්සේ, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා අවුරුදු 55ක් සපිරීමත් එක්ක, ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව තමයි මේ සංචාරය සිද්ධ වෙන්නේ කියලා විදේශ කටයුතු අමාත්‍යාංශය කියනවා.

මේ සංචාරය අතරතුර දෙරටේ නායකයෝ වැදගත් කරුණු රැසක් ගැන සාකච්ඡා කරන්නත් නියමිතයි. ඒ වගේම “ශ්‍රී ලංකා – වියට්නාම වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදය” ආරම්භ කිරීම ඇතුළු විශේෂ වැඩසටහන් කිහිපයකටත් වියට්නාම ජනාධිපතිවරයා සහභාගි වෙන්න නියමිතයි.

ටෝ ලාම් මහතා එක්ක වියට්නාම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සහ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන නායකයන් කිහිපදෙනෙකුත් මේ සංචාරයට එකතු වෙනවා.

ඒ වගේම හෙට දිනයේදී වියට්නාම ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමටත් නියමිතයි.

Share This