ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

ආනයනික බඩඉරිඟු සඳහා පනවා තිබෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන්න රජය පියවර අරගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයකට අය කරන බද්ද රුපියල් 50 දක්වා වැඩි කර තිබෙනවා.

මෙම නව බදු අනුපාතය 2026 මැයි 5 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ වගේම, 2025 දෙසැම්බර් 31 දින නිකුත් කළ අංක 2469/12 දරන ගැසට් නිවේදනය යටතේ තිබූ පෙර බදු නියමයත් මේ සමඟ සංශෝධනය කර තිබෙනවා.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය 2026 මැයි 4 වැනිදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී නිකුත් කර තිබෙනවා.

Share This