විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි

2015 වසරේ රටම කම්පනයට පත් කළ යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කළ සිද්ධියට අදාළව විත්තිකරුවන් සිව්දෙනෙකුට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළා.

ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට පෙර මෙම මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

එම දඬුවමෙන් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ගොනු කළ අභියාචනා විභාගයට ගත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, එම අභියාචනා නිෂ්ප්‍රභ කරමින් අද මෙම තීන්දුව ලබා දුන්නා.

කෙසේ වෙතත් තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට පනවා තිබූ දඬුවම් ඉවත් කිරීමටත් අධිකරණය නියෝග කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරණ දඬුවම නියම වී සිටි විත්තිකරුවන් තුන්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඔවුන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කර තිබුණා.

Share This