උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති සකස් කිරීමට කමිටුවක් පත්කෙරේ

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිපත්ති සකස් කරන්න මේ වනවිටත් විශේෂ කමිටුවක් පත් කර තිබෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

එම කමිටුවෙන් ලබාදෙන නිර්දේශ අනුව අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවත්, පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share This