හෝමූස් සමුද්‍ර සන්ධිය නැවතත් උණුසුම් අපිට බාධා කල ඉරාන යාත්‍රා 6ක් ගිල්වා දැමුවා – අමෙරිකාවෙන් නිවේදනයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය පැත්තේ තත්ත්වය තවත් උණුසුම් වෙලා තියෙනවා.
එක්සත් ජනපදය කියනවා, තම නාවික මෙහෙයුමට බාධා කරපු ඉරාන කුඩා යාත්‍රා 6ක් ගිල්වලා තියෙනවා කියලා.
එකත් එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිව කියලා තියෙනවා—ඉරානය තම නෞකාවලට ප්‍රහාර එල්ල කළොත්, ඉරානයට ඉතා බරපතල ප්‍රතිචාරයක් දෙනවා කියලා.
ඔහු තවදුරටත් කියනවා, දැන් තියෙන සටන් විරාමය තියෙනකන් ඉරානයට ගැටළුවක් නෑ, හැබැයි ඒක ඉවර වුනොත් තත්ත්වය බරපතල වෙනවා කියලා.
ඒ අතරේ ඉරානය කියනවා, හෝමූස් සන්ධිය තමන්ගේ බලප්‍රදේශයක් කියලා. ඒකට බලහත්කාරයෙන් ඇතුළු වෙන එක සාම ගිවිසුම් උල්ලංඝනයක් කියලාත් ඔවුන් කියනවා.
එකම වෙලාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියනවා, තමන්ට එල්ල වෙන ප්‍රහාර වලට ප්‍රතිචාර දෙන අයිතිය තමන්ට තියෙනවා කියලා.
