වැලිකඩ තවත් රැඳවියකු මරණයට පත්වේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක උදය කුමාර වුට්ලර් මහතා පවසන පරිදි, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු බන්ධනාගාර නිලධාරීන් සමග ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී මියගොස් ඇත. මියගිය පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

මීට දින කිහිපයකට පෙර, එනම් 27 වැනි දින, මැගසින් බන්ධනාගාරයේදී ද පහරදීමකින් රැඳවියකු මියගිය අතර, ඒ සම්බන්ධයෙන් ජේලර්වරයකු ඇතුළු නිලධාරීන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටියි.

මත්ද්‍රව්‍ය චෝදනාවකට වැලිකඩ බන්ධනාගාරයේ අච්චු විඳිමින් සිටි මෙම රැඳවියා ඊයේ සවස, තවත් පිරිසක් සමග බන්ධනාගාරයේ ක්‍රීඩාංගණය ශුද්ධ පවිත්‍ර කිරීමට පිටතට ගෙන සිටියදී පලාගොස් ඇත. පසුව, බොරැල්ල ප්‍රදේශයේදී නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර, එහිදී ඇතිවූ සිද්ධියකින් පසු ඔහු දැඩි ලෙස රෝගාතුර විය. අනතුරුව ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළත්, එහිදී ඔහු මියගොස් ඇත

 

Share This