අමෙරිකානු භාරයට පත් ඉරාන නැවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 6ක් නිදහස්
ඇමෙරිකාව භාරයට ගත් ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට යවා තිබෙනවා.
තවත් ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු තවමත් එම නෞකාවේම රැඳී සිටින අතර, ඔවුන්ව නිදහස් කර ගැනීමට ඉරාන බලධාරීන් මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙනවා.
පසුගිය අප්‍රේල් 20 වනදා අඩි 900කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය යටතේ නාවික අවහිර කලාපයක් හරහා ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර, ඒ නිසාම එය ඇමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
නෞකාව නවත්වන ලෙස කළ අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කිරීම හේතුවෙන්, එහි එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර නෞකාව නවතා දැමූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේද සඳහන් කර තිබෙනවා.
