දිවයිනේ සියලු සුරාසල් දින තුනක් වැසේ

පසළොස්වක පොහොය දිනය සහ ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 1 වැනිදාත්, වෙසක් පොහොය යෙදෙන මැයි 30 සහ ඊට පසුදින වන මැයි 31 යන දින තුනේ දිවයින පුරා සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

 වයින් ස්ටෝර්ස්, අවන්හල් ඇතුළු සියලුම මත්පැන් අලෙවිසැල් එම දිනවල වසා තැබෙන සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කරනවා.

මේ අතර, මෙවර වෙසක් සතිය මැයි 27 සිට ජුනි 2 දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ඉහත සඳහන් දින තුනේ මත්ස්‍ය අලෙවිසැල් ද වසා තැබීමට නියමිත බව වාර්තා වෙනවා.

Share This