හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දුව කල් යයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශ කිරීම කොළඹ මහාධිකරණය මැයි 26 වනදා දක්වා කල් දමා තිබෙනවා.

මෙම නඩුවල තීන්දුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත්, තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 26 වනදා සිදු කරන බවයි අද අධිකරණයේදී නිවේදනය කෙරුණේ.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩු හතර ගොනු කර තිබුණා.

Share This