හවසට වහිනවා කුඩයක් අරන් එළියට බහින්න

කාලගුණ දෙපාර්තමේන්තුව කියන්නේ අද දවසේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පස්සේ වැසි හරි ගිගුරුම් සහිත වැසි හරි එන්න පුළුවන් කියලා.

විශේෂයෙන් උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව පළාත් වලත්, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සමහර තැන්වලට මිලිමීටර් 50ට වඩා තද වැසිත් එන්න පුළුවන්.

දකුණු පළාතේ නම් උදේමත් සමහර තැන්වල වැසි වැටෙන්න ඉඩ තියෙනවා.
ඒකට අමතරව මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, ඌව පළාත් වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙ සමහර තැන්වල උදේ පාන්දරට මීදුමත් තියෙන්න පුළුවන්.
ගිගුරුම් සහිත වැසි එක්ක තද සුළං සහ අකුණු අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා වලින් ආරක්ෂාව ගන්න අවශ්‍ය පියවර ගන්න කියලා කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලනවා.
Share This