ඔත්තේ දවසෙ ඉරට්ටේ තෙල් දෙන්නෙ නෑ වැඩේ හරියට කරපු පොම්පකරුට කනේ පාරක් දීලා

කැස්බෑව–බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන හලකට ආපු මෝටර් රථයක රියදුරෙක්, තෙල් නොදුන්නැයි උරණවෙලා පොම්පකරුට කම්මුලට පහර දීලා තියෙනවා කියලා කැස්බෑව පොලීසියට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා.
අද (22) දින අංක තහඩු ක්රමය අනුව එම වාහනයට තෙල් දියන්න අවසර නැති නිසා තෙල් දීම ප්රතික්ෂේප කරලා තියෙනවා. ඒකට කෝප වෙලා මේ සිද්ධිය වෙලා තියෙනවා කියලා කියනවා.
තවද, රියදුරා වාහනයේ හිටපු කාන්තාවක් පෙන්වලා “මේක තෙල් සංස්ථාවේ නිලධාරිනියක්” කියලා තෙල් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් එයත් අසාර්ථක වෙලා පස්සේ පහරදීම සිදු වෙලා තියෙනවා.
පොලීසිය කියන්නේ, වාහනයේ අංකය හරහා විමර්ශන කරලා සැකකාර රියදුරා ඉක්මනින් අත්අඩංගුවට ගන්නවා කියලා.
සිද්ධිය ගැන කැස්බෑව පොලීසිය තවදුරටත් පරීක්ෂණ කරගෙන යනවා.
