දිට්වා කුණාටුවෙන් විනාශ වුණු වැව් හදන්න ඇමති ලාල් කාන්ත වැඩ පටන් ගනී
“වාරි මහිම අපේ උරුමය” වැඩසටහනට සමගාමීව, දිට්වා ආපදාවෙන් විනාශ වෙලා තිබුණ වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය කරන්න වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒ යටතේ අනුරාධපුර මධ්‍යම නුවරගම්පලාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහළිදවැව සහ මහ මාන්කඩවල වැව්, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුවඇටගම වැව කියන වැව් තුනම ප්‍රතිසංස්කරණය කරන්න ඊයේ (21) වැඩ ආරම්භ කරලා තියෙන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තියෙන මේ වැව් ඉක්මනින්ම හදාගෙන, ආයෙත් ජනතාවගේ දෛනික ජල අවශ්‍යතා සහ කෘෂිකාර්මික වැඩවලට යොදාගන්න පුළුවන් වෙන විදිහට ලබාදීම තමයි අමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කරලා තියෙන්නේ.
