අදාල සමාගමට තවත් නැව් 25ක්! ගෙන්වීමට අවසර දීලා සමගි ජනබලවේග පා.ම එස්.එම් මරික්කාර්

ගල්අඟුරු ආනයනය කරන සමාගමකට ගල්අඟුරු නැව් 25ක් ගෙන්වීමට අවසර ලබාදී ඇති බව, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එස්. මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ අද (22) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මරික්කාර් මහතා පැවසුවේ, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ගල්අඟුරු සම්බන්ධයෙන් එල්ල වූ වංචා චෝදනා යටපත් වී ඇති බවට සමහර පාර්ශව විශ්වාස කරන බවයි. කෙසේ වෙතත්, එවැනි තත්ත්වයක් ඇතිවීමට සමගි ජන බලවේගය කිසිසේත් ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කළේය.

එසේම, හිටපු අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන එන අවස්ථාවේදී ගල්අඟුරු නැව් 12ක් මෙරටට පැමිණ තිබූ බවත්, එම නැව් සඳහා අදාළ ප්‍රමාද ගාස්තු මෙතෙක් අය කරගෙන නොමැති බවත් ඔහු සඳහන් කළේය.

තවද, එම නැව්වල ගල්අඟුරු ප්‍රමිතිය කිලෝ කැලරි 5900ට වඩා අඩු බවද පෙන්වා දුන් මරික්කාර් මහතා, මෙම ගැටලුව සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවද කියා සිටියේය

Share This