සුරේෂ් සලේ අධිකරණයට රැගෙන එයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
ඉකුත් නඩු දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ලබාදුන් නියෝගයකට අනුව ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශනයේදී සුරේෂ් සලේ මහතා තුන්වන සැකකරු ලෙස නම් කර ඇති අතර, ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට නියෝගයක්ද නිකුත් කර තිබුණා.

