වාහන නවත්තන්නේ නැති අධිවේගී ගාස්තු ගෙවීමේ නව ක්‍රමයක් හඳුන්වා දෙයි
මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ගවල ගාස්තු එකතු කිරීමේ නව ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කරලා තියෙනවා. ඒකට කියන්නේ MLFF කියන “බහු මංතීරු රහිත ප්‍රවාහ” පද්ධතිය.
මේ ක්රමයේ විශේෂත්වය තමයි, වාහන නවත්තන්නවත්, වේගය අඩු කරන්නවත් නැතුවම ගාස්තු ගෙවීම සිදු වීම. අධිවේගී මාර්ගයේ ගාස්තු කුටි හෝ බාධක වෙනුවට නව තාක්ෂණය භාවිත කරලා වාහන ස්වයංක්‍රීයව හඳුනාගෙන ගාස්තු අයකරනවා.
වාහන අංක තහඩු හඳුනාගැනීම මඟින්, අදාළ ගාස්තුව වාහන හිමිකරුගේ බැංකු ගිණුමෙන් සෘජුවම අඩු කරගන්න සැලසුම් කරලා තියෙනවා.
මේ ක්‍රමය දැනට ලෝකයේ තවත් රටවල් ගණනාවක භාවිත වෙලා තියෙනවා. එයින් අධිවේගී මාර්ගවල තදබදය අඩු කරලා, ගමන් වේගවත් කරන්න පුළුවන් කියලා අපේක්ෂා කරනවා.
ඒත් ආරම්භක අවධියේදී, පවතින ETC පද්ධතියත් එක්ක එකට මේ නව ක්‍රමය ක්‍රියාත්මක වෙයි. ඒ කියන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් ගාස්තු ගෙවීමත් තවමත් සිදු කරන්න පුළුවන්.
