දිවයිනේ පළාත් පාලන ආයතන 341ම ඩිජිටල්කරණය කරන්න වැඩ අරඹයි

මහා නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රදේශීය සභා 276ක් ඇතුළුව පළාත් පාලන ආයතන 341ම ඩිජිටල් පද්ධතියට ගෙන එන්න රජය වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා.

මේකෙන් බදු ගෙවීම්, ජල බිල් ගෙවීම්, සේවා වෙන්කරවා ගැනීම්, බලපත්‍ර ලබාගැනීම් වගේ වැඩ ඔන්ලයින්ම කරගන්න පුළුවන් වෙයි. ඒකට ආයතනවලට යන්නත් අවශ්‍ය නැහැ.

ඊයේ (20) මේ වැඩපිළිවෙළ තව වේගවත් කරන්නේ කොහොමද කියලා සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා, නියෝජ්‍ය අමාත්‍යවරු රුවන් සෙනරත් සහ එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙන්.

මෙම ඩිජිටල්කරණයෙන් දූෂණය, නාස්තිය අඩු කරලා සේවාවන් ඉක්මන්, පහසු, ලාභදායී කරන්නත් බලාපොරොත්තු වෙනවා.

එකම මධ්‍යගත පද්ධතියකට සියලු පළාත් පාලන ආයතන එක් කරලා, රජයේ සම්පත් පමණක් භාවිතා කරලා මේ වැඩේ කරගෙන යනවා කියලාත් සඳහන්.

Share This