කොළඹට බෝම්බ තියන්න ආ කතා බොරු – ඇල්ලුවේ ‘කන්ජිපානි ඉම්රාන්’ගේ සහායකයෙක් – පොලිසිය කියයි

“කංජිපානි ඉම්රාන්”ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුද්ධි තොරතුරු මත ජා-ඇල, කලා පාර ප්‍රදේශයේ කළ වැටලීමකදීයි ඔහුව අල්ලාගෙන තියෙන්නේ. ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක් කියලා වාර්තා වෙනවා.

ඔහු දැනට විදේශගතව ඉන්න “කංජිපානි ඉම්රාන්”ගේ සමීපයෙක් ලෙස හඳුනාගෙන තියෙනවා. මේ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වනවා කියලා පොලීසිය කියනවා.

ඒත්, කොළඹට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වූ පුද්ගලයෙක් අල්ලාගත්තා කියන වාර්තා නම් පොලීසිය ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

Share This