ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, “චොකා මල්ලි” නමින් හඳුන්වන, නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පවුලේ ඥාතීන් සමඟ නුවරඑළියට පැමිණ සිටි ඔහු, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පැමිණි සංචාරක පිරිසක් සමඟ බහින්බස්වීමකට ලක්වූ බවයි වාර්තා වෙන්නේ. එහිදී ඔහු අත තිබූ බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඔහුව සැකපිට අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බවද වාර්තා වෙනවා.

සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This