දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සිට ඉදිරි සති දෙකේදී සවස් කාලයේ ගිගු­රුම් සහිත වැසි

දිව­යිනේ බොහෝ ප්‍රදේ­ශ­වල අද (20) දින සිට ඉදිරි සති දෙකක කාලය තුළ සවස් කාලයේ ගිගු­රුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බව බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අනා­වැ­කි­ක­රණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසවා. එම තත්ත්වය නිසා පව­තින වියළි කාල­ගුණ තත්ත්ව­යට කෙටි විස­ඳු­මක් ලැබෙනු ඇතැයි ඔහු කියා සිටිනවා. ඒ අනුව අද දින සිට දිව­යිනේ තැනින් තැන මි.මී 50-75 පමණ වැසි බලා­පො­රොත්තු විය හැකි බවද සඳ­හන් කළ මෙරිල් මෙන්ඩිස් මහතා දහ­වල් කාලයේ පව­තින උණු­සුම තව­දු­ර­ටත් පව­තිනු ඇති බවද වැඩි දුරටත් සද­හන් කරනවා. මෙම වැසි තත්ත්වය ජලාශ පිරී යෑමට තරම් ප්‍රමා­ණ­වත් නොවන බවද සඳ­හන් කළ අධ්‍ය­ක්ෂ­ව­රයා මෙම වැසි ඇතිවී තිබෙන ජල හිඟ­යට ස්ථිර විස­ඳ­මක් නොවන බවද ඔහු කියා සිටිනවා. ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් මෙරිල් මෙන්ඩිස් මහතා සඳ­හන් කළේ මෙම මැයි මාසෙන් පසුව එල්නිනෝ බල­පෑ­මක් අපේක්ෂා කළ හැකි බවයි. කෙසේ වෙතත් ලබන මාස­යේදී ආරම්භ වන නිරි­ත­දිග මෝස­මට ආර­ම්භ­යේදී එල්නිනෝ තත්ත්ව­යෙන් දැනට බල­පෑ­මක් නොමැති බවද මෙරිල් මෙන්ඩිස් මහතා සඳ­හන් කරනවා. එහෙත් අගෝස්තු, සැප්තැ­ම්බර් මාස­ව­ලදී නිරි­ත­දිග මෝසම් තත්ත්වය සක්‍රීය නොවු‌ණොත් එල්නිනෝ තත්ත්වය හේතු­වෙන් වර්ෂා­ප­ත­නයේ අඩු වීමක් සිදු විය හැකි බවද ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

Share This