ඊශ්‍රායලයට රහසිගතව එංගලන්තයෙන් පිට කරපු ආයුධ බෙල්ජියමේ අත්අඩංගුවට

Belgium විසින් United Kingdom සිට Israel වෙත යවමින් තිබූ යුධ උපකරණ කොටස් අඩංගු බඩු තොග දෙකක් අල්ලාගෙන තියෙනවා. ඒවාට අවශ්‍ය නීතිමය අවසර නොතිබුණා කියලා හෙළි වෙලා තියෙනවා.
Liege Airport වෙච්ච පරීක්ෂාවලදී ගුවන් යානා spare parts සහ fire control systems වගේ සංවේදී උපකරණ හරියට ප්‍රකාශ කරලා නැතිව තිබුණා කියලා කියනවා. ඒකට transit licence එකක්වත් ඉල්ලලා තිබුණේ නැති බවත්, ඉල්ලුවත් එය ප්‍රතික්ෂේප වෙනවා කියලා බලධාරීන් කියනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන අතර, Moog Inc. සමාගමත් මේකට සම්බන්ධයි කියලා හඳුනාගෙන තියෙනවා.
ඊට ප්‍රතිචාරයක් ලෙස, ඉස්සරහට Belgium විසින් Israel සඳහා යුධ උපකරණ රැගෙන යන ගුවන් යානා තම රටට ඇතුල් වීමත් නවතා තියෙනවා.
මේ තීරණය, Gaza Strip යුද්ධය සම්බන්ධයෙන් යුරෝපය පුරා ඇති කනස්සල්ලට ගැළපෙන එකක් කියලා සඳහන් වෙනවා.
