මරදානේ අනවසර ඉදිකිරීමක් ගැන අධිකරණ නියෝගයක්
මරදාන අලවි මවුලානා ප්‍රජා ශාලාව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සිදුකිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 01 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
එම ශාලා පරිශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් සිදුකරන ලද අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනුකළ පෙත්සමක් අද (09) කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ මෙම පෙත්සමක් කැඳවනු ලැබුව.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ, මෙම කරුණට අදාළව අධිකරණයට අපහාස කිරීමේ නඩුකරයක්ද තමන් විසින් ගොනුකර තිබෙන බවයි.
කොළඹ මහනගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ, අදාළ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් තම සේවා දායකයා අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි.
මෙහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයකට පත් කර ගැනීම සුදුසු බවයි.
ඒ අනුව එම කටයුතුවල ප්‍රගතිය අප්‍රේල් මස 01 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.