මහ වැසි මැද කඳුකරයේ දියඇලි හැඩ වෙයි

මහ වැසි මැද කඳුකරයේ දියඇලි හැඩ වෙයි

(දික්ඔය – එස්.එම්.ඩී. රජිත)
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර දිය ඇලිද සක්‍රිය තත්වයන්ට පත්ව ඇත.
දැනට දින කිපයක සිටම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මේ වන විට කාසල්රි, මාඋස්සාකැලේ, ඉහළ කොත්මලේ වැනි ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ලංවීමත් එහි වාන් දොරටුවක්ද විවෘත කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම පවතින වැසි තත්වයන් මත ඩෙවන්, ශා/කේලේයාර් හා මස්කෙළිය ප්‍රදේශයේ දිය ඇලිද මේ වන විට සක්‍රිය තත්වයන්ට පත්ව ඇත.

Share This