බියගම ප්‍රාදේශීය එජාප මන්ත්‍රි බීමතින් සභා රැස්වීමට ඇවිත්

(දෙල්ගොඩ – ලිතුමි පහන්යා)
බියගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට මත්ද්‍රව්‍ය පානය කර පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු මහා සභාවෙන් නෙරපීම එම සභාවේ මන්ත්‍රී යෝජනා ස්තීරත්වයෙන් සිදු කළහ.
බියගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම 02දා පෙරවරුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් කුමාරපේලි මහතාගේ ප්‍රධානත්වයෙන් මාවරමංඩිය ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
සභා රැස්වීම ආරම්භ වී පැයකට පමණ පසු රැස්වීමට පැමිණ අසුන් ගත් අදාළ මන්ත්‍රිවරයා බමන ගතියෙන් පසු වූ අතර මෙහිදී නිරෝෂන් පතිරණ (ජා.ජ.බ.) සහ ගාමිණී චන්දකුමාර (ජා.ජ.බ.) මන්ත්‍රිවරුන් යෝජනා ස්ථිර කරමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය පානය කර සිටින අදාළ මන්ත්‍රිවරයා සභාවෙන් ඉවත් කරන ලෙසයි.
යෝජනා ස්තීර කළ වහාම අදාළ මන්ත්‍රිවරයා සභාවෙන් ඉවත්වී පිටතට ගියේය.