දේශගුණික විපර්යාස පනතකට කඩිනම් අවධානය

(දයාසීලි ලියනගේ)
දේශගුණික විපර්යාස පනතක් කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බවට පාර්ලිමේන්තුවේ පැවැති දේශගුණික අවදානම් සභාවේදී අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාව දැඩි දේශගුණික අවදානම්වලට මුහුණ දෙන රටක් බැවින් ඒ යටතේ 2060 වසර වනවිට රටේ සමස්ත වී අස්වැන්න සියයට 12 – 41 දක්වා ප්‍රමාණයකින් පහළ බසිනු ඇති බවත් 2050 වන විට මත්ස්‍ය අස්වැන්න සියයට 20කින් අඩුවීමටත් වාර්ෂික යටිතල පහසුකම්වලට සිදුවන පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 0.38ක් වන බවටත් අනාවැකි පළවී තිබේ.
දේශගුණික අවදානම් සභාව 2009 වසරේදී ආරම්භ කළ අතර දේශගුණික අවදානම්වල ගිලී සිටින රටවල් 74ක් මෙහි සාමාජිකත්වය දරයි.
පරිසර කෘෂිකර්මය හා සම්පත් තිරසාරත්වය, ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ පැවැති මෙම දේශගුණික අවදානම් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමිගේ සභාපතිත්වයෙන්’පැවැත්වේ.