හැරී පොටර් නිළි එමා වොට්සන්ට මාස හයකට රිය පැදවීම තහනම්

හැරී පොටර් නිළි එමා වොට්සන්ට මාස හයකට රිය පැදවීම තහනම්

ලොව පුරා ප්‍රසිද්ධියක් දිනාගත් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හර්මයෝනි ග්‍රේන්ජර් ලෙස රංගනයෙන් දායක වූ එමා වොට්සන් රිය පැදවීමේ නීති උල්ලංඝනයක් හේතුවෙන් මාස හයක රිය පැදවීමේ තහනමකට ලක්ව ඇති බව වාර්තා වේ.

2024 වසරේ ජූලි 31 වන දා එමා වොට්සන් ඔක්ස්ෆර්ඩ් නගරයේ පැයට කිලෝ මීටර 30 වේග සීමාවක් සහිත මාර්ගයකදී පැයට කිලෝ මීටර 38ක වේගයෙන් රිය පැදවූ බව වේග කැමරාවක සටහන්ව ඇත. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී ඒ වන විටත් ඇයගේ රියැදුරු බලපත්‍රයේ දඩ ලකුණු 9ක් සටහන්ව තිබී ඇත. නවතම සිදුවීමත් සමග දඩ ලකුණු 12 සම්පූර්ණ වී ඇත. එම නිසා මෙම තහනම ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව 2025 ජූලි 16 වන දා මහේස්ත්‍රාත් අධිකරණය විසින් එමාට පවුම් 1,044ට අමතරව $1400ක දඩයක් නියම කරන ලදී. ඇය අධිකරණයට පැමිණ නැති අතර නීතිඟ්හයකු මාර්ගයෙන් නියෝජනය වී ඇත.

සඳුනි තිලකරත්න

Share This