මාලමුල්ල ප්‍රදේශයේ අලුයම පත්තු වූ වෙඩිල්ල

මාලමුල්ල ප්‍රදේශයේ අලුයම පත්තු වූ වෙඩිල්ල

නාදුනන පුද්ගලයෙකු විසින් අද (11) අලුයම මාලමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ නිදා සිටි පුද්ගලයකුට වෙඩි තබා පලාගොස් ඇති බව මාලමුල්ල පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල වූ පුද්ගලයා අවුරුදු තිස් දෙකක මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට පැමිණි සැකකරු පිස්තෝල වර්ගයේ අවියක් භාවිතා කර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල වූ එම පුද්ගලයා පානදුර රෝලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවයි.

චන්දන ලක්මාල්

Share This