කාලගුණයෙන් රතු නිවේදනයක්

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 පමණ දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය ඊට හේතුව බවයි.
ඒ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
අදාළ අනතුරු ඇඟවීම හෙට (11) පස්වරු 02.30 දක්වා බලාත්මක වෙයි.