නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය 27 වැනිදා

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය 27 වැනිදා

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසවයි.

මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් තැපැල් ඡන්ද රක්ෂිත පැකට් 418,985ක් ලැබුණ බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

ඉන් පැකට්ටු 384,923ක් බෙදා අවසන් කර ඇත.

සෙසු ඡන්ද පැකට්ටු සහ තැපැල් ඡන්ද පත්‍රිකා මේ මස 21 වැනිදා ලැබීමට නියමිත අතර ඒවා ඉදිරි දිනවලදී බෙදා අවසන් කරන බව ද තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Share This