ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවාසවලට බෙදාහැරීම අද (16) සිට සිදු කිරීමට නියමිතව තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය ලබන 29 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව ඇත.

එමෙන්ම 20 වැනි ඉරිදා දින විශේෂ දිනයක් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට කටයුතු කරන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තැපැල් මගින් බෙදාහැරීමේ කාලයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නොලැබෙන ජන්ද දායකයන්ට ලබන 30 සිට ජන්ද විමසීම සිදුවන මැයි 6 දා දක්වා තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව සඳහන් වේ.

පළාත් පාලන ආයතන 339ට අයත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තේරීම් භාර නිලධාරින් විසින් අද (16) දින තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන  බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

Share This