මාර්තු 11 සිට සා.පෙළ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම්

මාර්තු 11 සිට සා.පෙළ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවත්වන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම යන සියල්ල මාර්තු 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එය කඩ කරමින් කටයුතු කරන අයට එරෙහිව පියවර ගන්නා බවයි, ඔවුන් සඳහන් කළේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 17 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Share This