2026 මුල් මාස ඩොලර් මිලියන 613ක වාහන ගෙනැත්

ශ්‍රී ලංකාව පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 195ක වාහන ගෙන්වාගෙන තියෙනවා කියලා ශ්‍රී ලංකා මහ බැංකුව කියලා තියෙනවා. මේකේ පුද්ගලික වාහනත්, වාණිජ වාහනත් දෙකම ඇතුළත්.
ඒ අනුව මේ වසරේ පළමු කාර්තුවේ මුළු වාහන ආනයනය ඩොලර් මිලියන 613ක් වටිනවා. පසුගිය අවුරුද්දේ වාහන ආනයන සීමා ටිකක් ලිහිල් කරලා තිබ්බ නිසා අප්‍රේල් මාසයෙන් පස්සේ වාහන ගෙන්වීම ටික ටික වැඩි වෙලා, අවසානයේ මුළු වියදම ඩොලර් බිලියන 2.047ක් දක්වා ගියාලු.
හැබැයි පසුගිය අවුරුද්දේ පළමු කාර්තුවේ වාහන ගෙන්වීම වියදම ඩොලර් මිලියන 61ක් විතරයි තිබ්බේ. ඒකට සසඳනකොට මේ වසරේ පළමු කාර්තුවේ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම 900%කට වඩා ඉහළ ගිහින් තියෙනවා.
එහෙම උනත්, මේ වසර අවසානයට යද්දී වාහන ගෙන්වීම ආපහු සාමාන්‍ය තත්ත්වයට එයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම, පසුගිය අවුරුද්දේ සීමා ලිහිල් කළාට පස්සේ වාහන ලක්ෂ 2කට වැඩි ගණනක් මෙරටට ගෙන්වා තිබුණා. ඒක වාහන වැඩියෙන්ම ගෙන්වා තිබ්බ වසර අතර තෙවැනි තැනට එන වසරක් ලෙසත් සඳහන් වෙනවා.
