ලංකාවේ 3000ක් හැකර්ලට අහුවෙලා
විවිධ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, වෘත්තියවේදීන් ඇතුළු 3000කට වැඩි පිරිසක් පසුගිය කාලය තුළ පරිගණක හැකර්කරුවන්ගේ වංචාවලට ගොදුරු වෙලා තියෙනවා කියලා පොලිසිය කියනවා.
මේ වංචාවලට ගොදුරු වෙලා තියෙන්නේ බොහෝ දුරට පරිගණක දැනුම අඩු අය කියලාත් හෙළිවෙලා තියෙනවා.
හැකර්ලා මේ අයගේ ජංගම දුරකථනවල WhatsApp වගේ සේවාවන් “හැක්” කරලා, ඒ මාර්ගයෙන් ඔවුන්ගේ හිතවතුන්ට වංචාකාරී පණිවිඩ යවලා ලක්ෂ ගණන් මුදල් රැස් කරගෙන තියෙනවා කියලා විමර්ශනවලින් හෙළිවෙලා තියෙනවා.
මෙවැනි වංචාවලට සම්බන්ධ කිහිප දෙනෙක් පොලිසිය විසින් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ වගේම තවත් සම්බන්ධ පිරිසක් ගැනත් සොයමින් ඉන්නවා කියලා පොලිස් මූලස්ථානය කියනවා.
මේ අතර පොලිසිය ජනතාවට කියන්නේ, තමන්ගේ දුරකථනවලට එන සැක සහිත link හෝ file විවෘත නොකර ඉන්න කියලා.
ඒ වගේම, හිතවතුන්ගෙන් වගේ පෙනෙන මුදල් ඉල්ලන පණිවිඩ ලැබුණොත්, එකවර මුදල් යවන්න එපා. මුලින්ම ඒ පුද්ගලයාගේ අනන්‍යතාවය හරියටම තහවුරු කරගෙන පසුව ක්‍රියා කරන්න කියලාත් පොලිසිය අවධාරණය කරනවා.
