එක්සත් ජනපදය හමුදා භටයින් 5,000 ක් ජර්මනියෙන් ඉවත් කර ගනී
අමෙරිකාව ජර්මනියෙන් තම සෙබළුන් 5,000ක් ඉවත් කරන්න තීරණය කරලා තියෙනවා කියලා කියනවා.
මේ තීරණය ගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපීය රටවල් අතර, විශේෂයෙන් ඉරානය සම්බන්ධ යුද්ධය ගැන ඇතිවෙලා තියෙන මතභේදයක් නිසා.
ඇත්තටම ට්‍රම්ප් මේ සතියේම මෙහෙම සෙබළුන් අඩු කරන්න පුළුවන් කියලා කලින්ම ඉඟි කරලා තිබුණා. ඒකට හේතුව වෙලා තියෙන්නේ ජර්මන් චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස්ගෙ ප්‍රකාශය. ඔහු කියලා තිබුණේ ඉරානය සමඟ කතාබහේදී අමෙරිකාව “අපහසු තත්ත්වයකට පත්වෙලා” තියෙනවා කියලා.
ඒකට ප්‍රතිචාරයක් වශයෙන් අමෙරිකා ආරක්ෂක අමාත්‍යාංශය (Pentagon) කියනවා, මේ සෙබළුන් ඉවත් කිරීම ඉදිරි මාස 6 සිට 12 අතර කාලයකින් අවසන් වෙයි කියලා.
දැනට ජර්මනිය තුළ අමෙරිකා සෙබළුන් 35,000ක් ඉන්නවා. මේ 5,000ක් ඉවත් කළාම, 2022ට පෙර තිබුණ මට්ටමට ආයෙත් අඩුවෙයි කියලාත් කියනවා.
ඒත් මේක හරියට “යුරෝපය තමන්ගේ ආරක්ෂාවට වැඩි වගකීමක් ගන්න ඕනේ” කියන ට්‍රම්ප්ගේ අදහසක් එක්ක සම්බන්ධ තීරණයක් කියලාත් කියනවා.
