ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමට සම්මාන 06ක්

ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමට සම්මාන 06ක්

ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගම ඉහළම සම්මාන හයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.

ඒ, ‘Best Management Practices Award 2025’ සම්මාන උළෙලේදීයි. එහිදී Digital Literacy යන කාණ්ඩය යටතේ ජයග්‍රහකයාවීමටයි, ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගම ඉහළම වුණේ.

වර්තමානයේදී ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගම හා එහි මව් සමාගම වන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඩිජිටල් ප්‍රවේශයට ඉතාම සාර්ථක අවතීරණ වී සිටිනවා.

මේ වනවිටත් තම සේවක පිරිසෙහි කළමනාකරණ හැකියාවන් සහ කුසලතා වර්ධනය කිරීම උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කරගනිමින් පවතිනවා.

එමගින් කාලයක් පුරා බිඳවැටෙමින් තිබූ පෙට්‍රෝලියම් සන්නාමය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ඉහළට ඔසවා තැබීමටත්, දැවැන්ත පුද්ගලික සමාගම් අභිබවා ඉදිරියට ගෙන යාමටත් ලංකා ඛනිජතෙල් තොගය පර්යන්ත සමාගම සහ ලංකා ඛනිජතෙල් නීතිගත ස්සථාව සමත්වී තිබෙනවා.

  1. Winner of Best Leadership Award by the Chairman D.J.A.S De S Rajakaruna
  2. Winner of Excellence Award
  3. Winner of Cluster Award – Digital Literacy
  4. Winner of Category Award – Government, Semi-Government and Authorities
  5. Winner of Category Award – Power and Energy – Solar (Renewable)
  6. Winner of Merit Award – Transport, Logistics, Shipping & Related Service. යන සම්මාන ද ඒ අතර වනවා.
Share This