වවුනියාව ප්‍රදේශයේ තැඹිලි මිල දැඩි ලෙස ඉහළට

වවුනියාව ප්‍රදේශයේ තැඹිලි මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, තැඹිලි ගෙඩියක් රුපියල් 280 සිට 300 අතර මිලකට අලෙවි වන බව වාර්තා වෙනවා.
මීට පෙර රුපියල් 120ක් පමණ වූ තැඹිලි මිල මෙලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පවතින අධික උෂ්ණත්වය සමඟම දකුණු ප්‍රදේශවලින් තැඹිලි තොග වවුනියාව වෙත ලැබීම අඩුවීම සහ වෙළෙඳපොළ තුළ සැලකිය යුතු හිඟයක් ඒ් තුළින් හටගැනීම බව වෙළෙන්දන් වැඩි දුරටත් කියා සිටිනවා.
