හොරොව්පොතාන, අක්කර 100 හංදිය යතුරුපැදි දෙකක් ගැටී අයෙක් ජීවිතක්ෂයට – 5 හැවිරිදි දරුවෙකු ඇතුළු තවත් තිදෙනෙකුට බරපතළයි

පුත්තලම – ත්‍රිකුණාමලය (A-12) මාර්ගයේ හොරොව්පොතාන, අක්කර 100 හංදිය ළඟ ඊයේ (මැයි 01) දරුණු රිය අනතුරක් වෙලා තියෙනවා.
මේ අනතුරෙන් 64 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වෙලා. ඒ වගේම 5 හැවිරිදි පොඩි දරුවෙක් ඇතුළු තවත් තුන්දෙනෙක් බරපතළ තුවාල වෙලා රෝහලට ගෙනිච්චා.
සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි.
හොරොව්පොතාන පැත්තෙන් ත්‍රිකුණාමලයට යන “හොනට්” වර්ගයේ බයික් එකක්, අතුරු මාවතකින් ප්‍රධාන පාරට පිවිසෙන්න උත්සාහ කරපු “ස්කූටි” වර්ගයේ බයික් එකක මැදටම ගැටීලා. එතකොට බයික් දෙකම පාර දිගේ පෙරළිලා ගිහින් තියෙනවා.
“ස්කූටි” බයික් එක පැදපු 64 හැවිරිදි පුද්ගලයා මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි කෙනෙක්. ඔහු හොරොව්පොතාන රෝහලට ඇතුළත් කරලා තිබුණත් පස්සේ මියගියා. ඒ බයික් එකේම හිටපු 5 හැවිරිදි දරුවා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනිත් බයික් එකේ හිටපු සමගිගම ප්‍රදේශයේ තරුණයින් දෙන්නා බරපතළ තුවාල වෙලා මුලින් හොරොව්පොතාන රෝහලට ගෙනිච්චා. පස්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කරලා තියෙනවා.
දැනට ශ්‍රී ලංකා පොලීසියේ හොරොව්පොතාන රථවාහන අංශය මේ ගැන වැඩිදුර පරීක්ෂණ කරගෙන යනවා.

Share This