ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 39දෙනෙකු මරුට
සති තුනක සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් තිබුණත්, ඊශ්‍රායලය සෙනසුරාදාත් ලෙබනනයට දැඩි ප්‍රහාර මාලාවක් එල්ල කරලා තිබෙනවා. එහිදී අවම වශයෙන් 39 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඒ අතරතුර හිස්බුල්ලා සංවිධානයත් උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිප්‍රහාර දියත් කරලා තියෙනවා.
ලෙබනනයේ දකුණු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් එල්ල වූ මේ ප්‍රහාර අතර, හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන බලකොටු වලින් පිටත බේරූට් නගරයට ආසන්න අධිවේගී මාර්ගයක්ද ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
