බෙංගාල බොක්කේ කැළඹිල්ල ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවයි.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, උතුරු අක්ෂාංශ 10.1 සහ නැගෙනහිර දේශාංශ 82.5 ආසන්නයේ පිහිටා ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය සහ මුහුදේ රළ තත්ත්වය වැඩි විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

විශේෂයෙන්ම ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු සිදුකරන පිරිස් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

මෙම නිවේදනය 2026 මැයි 12 පස්වරු 3.00 දක්වා බලපැවැත්වෙන බවද කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Share This