ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා නිවේදනයක් මඟින් දැනුම් දී තිබෙනවා.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති අනුව ලැබී ඇති බලතල භාවිතා කරලා මේ තීරණය ගත්තා කියලාත් සඳහන් වෙනවා.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳාගෙන, අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න කඩිනමින් විශේෂ කමිටුවක් පත් කරන්නත් නියමිතයි කියලා අමාත්‍යවරයා කියලා තියෙනවා.

ඒ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීම සඳහා දීලා තිබුණු ලිපි අද (29) ක්‍රීඩා අමාත්‍යවරයා විසින් භාරගෙන ඇති බවත් වාර්තා වෙනවා.

Share This