නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව නැවත කැඳවීමට දින දෙයි

ක්‍රිෂ් ගනුදෙනුව ගැන නාමල් රාජපක්ෂට විරුද්ධව තියෙන නඩුව, කොළඹ මහාධිකරණය මැයි 29 වෙනිදාට ආයෙත් කැඳවන්න කියලා නියම කරලා තියෙනවා.

එම නඩුව අද (23) දා විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවලා තිබුණා.  නඩුව කැඳවද්දි නාමල් රාජපක්ෂ අධිකරණයේ පෙනී සිටියා.

පසුව විනිසුරුවරිය කියලා තියෙන්නේ නඩුව මැයි 29 වෙනිදාට නැවත කැඳවන්න කියලා.

මේ නඩුව රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරනවා කියලා ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් ගත්තත් ඒක වැරදි විදිහට භාවිතා කරලා විශ්වාසය කඩ කළා කියන චෝදනාවක් මත නීතිපතිවරයා ගොනුකරපු එකක්.

Share This