ලෝක කම්කරු දිනය අදයි “ඔවුන්ගේ අසීරු කැපවීම අපි ගෞරවයෙන් අගය කරනවා.” කම්කරු දින පණිවිඩය

මෙම දිනයේ ආරම්භය සම්බන්ධ වන්නේ 1886 වසරේ අමෙරිකාවේ Chicago නුවර සිදුවූ කම්කරු උද්ඝෝෂණයකටයි. එදා කම්කරුවන් “වැඩ මුරය පැය 8කට සීමා කළ යුතුයි” යන ඉල්ලීම ඉදිරිපත් කරමින් මහ මැයි මාසයේ විශාල විරෝධතාවක් ආරම්භ කළා. එහිදී පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් කම්කරුවන් කිහිපදෙනෙකු මිය ගිය අතර, එම සිද්ධිය ලෝක කම්කරු අයිතිවාසිකම් ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂයක් වුණා.

ඒ සිදුවීම සිහිකරමින් සෑම වසරකම මැයි 1 වන දින International Workers’ Day ලෙස ලොව පුරා සැමරෙනවා.

එදිනට සමගාමීව, ලෝකයේ බොහෝ රටවල කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ දායකත්වය අගය කරමින් පෙළපාලි, රැලි සහ විවිධ උත්සව සංවිධානය කරනු ලබනවා.

මෙවරත් ශ්‍රී ලංකාව තුළ ද දේශපාලන පක්ෂ සහ කම්කරු සංවිධාන රැසක් මැයි දින සැමරුම් උත්සව, පෙළපාලි සහ රැස්වීම් සංවිධානය කර ඇති අතර, කම්කරු ජනතාවගේ හඬ ප්‍රකාශ කිරීම සඳහා ඒවා වේදිකාවක් වී තිබෙනවා.

Share This