මේ වසරේ පළමු කාර්තුවේ විදේශ පේ‍්‍රෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි

මේ අවුරුද්දේ මුල් මාස තුනේ (පළමු කාර්තුවේ) විදේශෙ වැඩ කරන ශ්‍රමිකයෝ මෙරටට එවපු මුදල් ප්‍රමාණය පසුගිය අවුරුද්දට වඩා 26.5%කින් ඉහළ ගිහින් තියෙනවා කියලා විදේශ සේවා නියුත්ති කාර්යාංශය කියනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ data අනුව, 2026 ජනවාරි ඉඳලා මාර්තු දක්වා ඩොලර් බිලියන 2.294ක් මෙරටට ලැබිලා තියෙනවා. ඒකෙන් ජනවාරි මාසේ ඩොලර් මිලියන 751ක්, පෙබරවාරි 729ක්, මාර්තු 815ක් විදිහටයි ලැබිලා තියෙන්නේ. පසුගිය 2025 අවුරුද්දේ මේම කාලෙට ලැබිලා තිබුණේ ඩොලර් මිලියන 1,815ක් විතරයි.

මේ විදිහට මුදල් එවන්නේ වැඩි වෙලා තියෙන්නේ රජය ගැන තියෙන විශ්වාසය වැඩි වෙලා තියෙන එකත්, නිත්‍යානුකූල ක්‍රම වලින් මුදල් එවන්න කාර්යාංශය encourage කරපු එකත් නිසා කියලා ඔවුන් කියනවා.

ඒ අතර, මේ අවුරුද්දේ ජනවාරි ඉඳලා මාර්තු අවසානය වෙනකල්ම ශ්‍රමිකයෝ 62,145 දෙනෙක් රැකියා සඳහා විදේශගත වෙලා තියෙනවා.

Share This