ඊශ්‍රායලයට සම්බන්ධ නෞකාවන් වලට Bab al-Mandeb සමුද්‍ර සන්ධිය හරහා යන්න දෙන්නෙ නැහැ සෝමාලියාවෙන් අනතුරු ඇගවීමක්

සෝමාලියාව කියන්නේ, ඊශ්‍රායලයට සම්බන්ධ නෞකා Bab al-Mandeb Strait හරහා යන්න ඉඩ දෙන්නෙ නැහැ කියලා.

මේ සමුද්‍ර මාර්ගය Red Sea සහ Indian Ocean එකට සම්බන්ධ කරන, ලෝකයේ ඉතා වැදගත් නාවික මාර්ගයක්. ඒ නිසා මේක අහද්දි ලොකු දෙයක් වගේ පේනවා.

හැබැයි ඇත්තටම තත්ත්වය ටිකක් වෙනස්. මේ සන්ධිය සෝමාලියාව එකක්ම පාලනය කරන තැනක් නෙවෙයි. Yemen පැත්තත් එක්ක බෙදාගත්ත තැනක්. ඒ වගේම මේක ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයක් නිසා වෙනත් රටවල්ත් නිතරම මේක නිරීක්ෂණය කරනවා.

ඒ කියන්නේ, “අපි තහනම් කරලා දැම්මා කියලා” එකෙන්ම නෞකා ගමන් එකපාර නවත්තන්න බැහැ කියන එකයි.

ඒක නිසා විශ්ලේෂකයන් කියන්නේ, මේක හුඟාක්ම දේශපාලන පණිවිඩයක් කියලා. සෝමාලියාව කියන්නේ “අපි Palestine පැත්තේ ඉන්නවා” කියන එක.

ඉතිහාසයෙන්මත් සෝමාලියාව Israel රට පිළිගෙන නැහැ. පලස්තීන ජනතාවට සහය දීගෙනම ඉන්න රටක්.

හැබැයි මේ වගේ කියන දේවල් වලින් බලපෑමක් නැතිවෙන්නේ නැහැ.

 නාවික ගමන් අවදානම වැඩිවෙනවා,රක්ෂණ ගාස්තු ඉහළ යනවා,ඉන්ධන මිලටත් බලපෑම් එන්න පුළුවන්

ඒ වගේම ලෝකයේ අවධානයත් මේකට යොමු වෙනවා. කෙටියෙන් කියනවා නම්, මේක ලෝක වෙළඳාම එකපාර නවත්තන තත්ත්වයක් නෙවෙයි. ඒත්, “අපි නිශ්ශබ්ද නෙවෙයි” කියලා පෙන්වන ලොකු පණිවිඩයක් කියලා බලන්න පුළුවන්.

 

Share This