මුදල් ආරවුලක් මත ලොකු අයියට මල්ලි පිහියකින් පහර දීලා – පසුව පොලිසියට ගිහින්ම භාරවෙලා

මුදල් ඉල්ලමින් ගෙදර ආරවුල් ඇති කරගෙන ගිය කාරණාවක් නිසා කෝපයට පත් වූ සහෝදරයෙක් තමන්ගේ වැඩිමල් සහෝදරයා පිහියෙන් ඇන ඝාතනය කළා කියලා බොරලැස්ගමුව පොලිසිය කියනවා.

මරණයට පත් වෙලා තියෙන්නේ බොරලැස්ගමුව ලියනගේ පාරේ පදිංචි 26 හැවිරිදි බොහොමඩ් පයිස් මොහොමඩ් ෆශිල් කියන පරිගණක ක්‍රියාකරුවා. මේ සිද්ධියට සම්බන්ධව මියගිය පුද්ගලයාගේ 23 හැවිරිදි සහෝදරයා ඊයේ (06) රෑම පොලිසියට අත්අඩංගුවට ගත්තා.

පොලිසිය කියන්නේ, මියගිය පුද්ගලයා දින කීපයක් පුරාම තම මව, පියා සහ මිත්තනියගෙන් මුදල් ඉල්ලමින් ගෙදර ආරවුල් ඇති කරගෙන ගියා කියලා. 06 වෙනිදා රෑ ඒ ආරවුල තවත් වැඩිවෙලා, ඒකට කෝප වුණු සහෝදරයාට තම කෝපය පාලනය කරගන්න බැරි වෙලා පිහියෙන් ඇන්නා කියලා සැකකරු පොලිසියට කියලා තියෙනවා. ඔහු පසුව පොලිසියට ගිහින්ම භාරවෙලා තියෙනවා.

Share This