ඇමති පොල්රාජුයි ඇමති ලාල් කාන්තයි එකතුවෙලා ඩේකෙයා එකක් විවෘත කරයි
අද දවසේදී “Little Roots” නමින් අලුත් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කළා. මේක ගොඩනගලා තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ.
මෙම මධ්‍යස්ථානයට අවශ්‍ය භාණ්ඩ සහ උපකරණ ලැබිලා තියෙන්නේ සමස්ත චීන කාන්තා සම්මේලනයෙන් කරන ලද ප්‍රදානයක් විදියට.
පෙර පාසලක්ද එක්ක ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එකතුවෙලා ක්‍රියාත්මක කරලා තියෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර සහ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන්ගේ දරුවන්ට පහසුවක් ලබාදීම තමයි මේ මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ.
මුල් අදියරේදී පාර්ලිමේන්තු සහ කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යමණ්ඩලයේ
දරුවන් සඳහා මෙය විවෘත කරලා තියෙන අතර, ඉදිරියේදී තවත් පුළුල් කිරීමටත් සැලසුම් කරලා තියෙනවා.
