බෙලරුස් රාජ්‍යය සමග අධ්‍යාපන සෞඛ්‍ය ද්විපාර්ශ්වික සබඳතා

ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර සෞඛ්‍ය හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් බෙලරුස් සෞඛ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කජායෙව් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය A.I. Ivanets මහතා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වුණා.

මෙහිදී දෙරට අතර සෞඛ්‍ය සේවා, වෛද්‍ය අධ්‍යාපනය, පර්යේෂණ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමද සිදු වුණා. එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.

එම සංචාරයේදී මින්ස්ක්හි පිහිටි බෙලරුස් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කළ අතර, විටෙබ්ස්ක්, ග්‍රොඩ්නෝ සහ ගොමෙල් වෛද්‍ය විශ්වවිද්‍යාලවල මණ්ඩපාධිපතිවරුන්ද හමුවුණා. දැනට ශ්‍රී ලාංකික සිසුන් 3,000කට අධික පිරිසක් බෙලරුස්හි වෛද්‍ය අධ්‍යාපනය ලබන අතර, එය දෙරට අතර පවතින ශක්තිමත් අධ්‍යාපනික සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙස සැලකෙනවා.

මීට අමතරව ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍ය Alexei Lyakhnivich, කෘෂිකර්ම හා ආහාර නියෝජ්‍ය අමාත්‍ය Aleksandr Yakovchits සහ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය Leonid Ryzhkovsky යන නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 

Share This