සෞදි අරාබියෙන් ඉරානයට ගුවන් ප්රහාර?

මැදපෙරදිග යුද තත්ත්වය අතරතුර සෞදි අරාබිය තුළ එල්ල වූ ප්රහාරවලට ප්රතිචාරයක් ලෙස, සෞදි අරාබිය ඉරානය තුළ රහසිගත ගුවන් ප්රහාර රැසක් එල්ල කර ඇති බව බටහිර නිලධාරීන් දෙදෙනෙකු සහ ඉරාන නිලධාරීන් දෙදෙනෙකු අනාවරණය කර තිබෙනවා.
මෙම ප්රහාර පිළිබඳ තොරතුරු මීට පෙර ප්රසිද්ධියට පත් වී නොතිබූ අතර, සෞදි අරාබිය ඉරාන භූමිය තුළ සෘජුවම හමුදා ක්රියාමාර්ග ගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, කලාපීය ප්රධාන ප්රතිවාදියා වන ඉරානයට එරෙහිව තම ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීමේදී සෞදි අරාබිය දැන් වඩාත් ආක්රමණශීලී සහ නිර්භීත ප්රතිපත්තියක් අනුගමනය කරන බවයි.
