තම භූමියට Drone දෙකක් පැමිණියැයි අගමැතිනිය ඉල්ලා අස්වෙයි

Latvia හි Prime Minister Evika Siliņa සිය ධුරයෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. ඒ නිසා ඇගේ ආණ්ඩුවත් බිඳ වැටීලා තියෙනවා.

ඇය කියන්නේ “මම ඉල්ලා අස්වෙනවා, නමුත් මම අතහැර දාන්නේ නැහැ” කියලායි. මේ අතර, නව අගමැතිවරයෙක් පත් කරන තුරු ආණ්ඩුව තාවකාලිකව (caretaker) ලෙස වැඩ කරගෙන යනවා.

මේ තීරණයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයා ඉවත් කිරීමෙන් පස්සේ ඇතිවුණු දේශපාලන අර්බුදයයි. රුසියාවෙන් ආව කියලා සැක කරන ඩ්‍රෝන යානා දෙකක් NATO රටක් වන Latvia තුළට ඇවිත් තෙල් ගබඩාවකට පිපිරීමක් ඇති කරලා තියෙනවා.

ඒ ඩ්‍රෝන හඳුනාගන්න බැරි වීමත්, ආරක්ෂක පද්ධති ප්‍රමාද වීමත් ගැන විවේචන එල්ල වෙලා තියෙනවා.

ඊට පස්සේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් සහය ඉවත් කරගත්ත නිසා, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙලා තියෙනවා. ඒ නිසාම අගමැතිවරිය ඉල්ලා අස්වීමක් කරලා තියෙනවා.

Share This